ජිම් යන්න විදියක් නෑ ගත්ත සප්ලිමන්ට් එකට මොකද කරන්නෙ ?

ලංකාවෙ ඇති වෙලා තියන කොරෝන තත්වය නිසා ආයෙත් ජිම් වහල හුගක් තැන් වල විශේශයෙන් ගම්පහ දිස්ත්‍රිකයේ නිරෝදායන ඇදිරි නීතිය නිසා සෙල්ලම් කරන්න විදියක් නැහැ. අද එක මල්ලි කෙනෙක් කතා කරල ඇහුව ගත්ත සප්ලිමන්ට් එකට මොකද කරන්නෙ කියල
ඉතින් හුගක් වැදගත් ප්‍රශ්නයක් එවගේම හුගක් අය දැන් කල්පනා කරන දෙයක් නිසා අපි හිතුව ඒක ගැන පෝස්ට් එකක් දාන්න. අපි දැන් මේක දාන්න හදන්නෙ එක එක සප්ලිමන්ට් වලට අදාලව.

ඔයා ගත්තෙ මාස් ගෙනර් එකක් නම් ?

මේක ටිකක් අමාරු ප්‍රශ්නයක් වගේ පෙනුනට එහෙම ලොකු අමාරුවක් නැහැ. කෙසේ හෝ වේවා මාස් ගෙනර් එකක් ගන්න කෙනෙක්ගෙ මූලික පරමාර්ථය වෙන්නෙ සයිස් වෙන එක ඒකියන්නෙ වැඩිපුර කැලරි දාගන්න එක. ඔයා ගෙදර පොඩි වර්කවුට් එකක් හරි
කරන්ව නම් මාස් ගේනර් එක බාවිතා කලාට අවුලක් නැහැ. එහෙම නැතුව නම් මාස් ගෙනර් එකෙන් ගන්න සර්වින්ග්ස් ගාන අඩු කරල කෑමට මුල් තැනක් දෙන්න පුලුවන්. ඔයාට එත් ඇග චොර වෙයි කියල බයයි වගේ නම් ඔයාට කරන්න තියෙන්නෙ හොදට සීල් වෙන්න සප්ලිමන්ට්
එක වහල රස්නෙ නැති ඩ්‍රයි තැනකින් අරන් තියන්න. ෆ්රිජ් එකේ දානව නම් හොදම ප්ලේස් එක තමයි අර යටම තිය බකට් එක.

ඔයා ගත්තෙ වේ ප්‍රෝටීන් එකක් නම් ?

මේක නම් දෛනිකව ගත්ත කියල ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මොකද කිව්වොත් අපේ කෑම රටාව එක්ක අපිට ප්‍රෝටීන් වැටෙනව අඩුයි ඒක නිසා ඔයා ගන්න ඕන ප්‍රෝටීන් ප්‍රමානය ගනන් හදල මුල් තැන කෑමට දීල ඊට පස්සෙ මදි ටික වේ ප්‍රෝටීන් වලින් ගත්ත කියල
අවුලක්නැහැ ඒක නිසා මේක ඔයාට බාවිතා කරන්න පුලුවන්

ඔයා ගත්තෙ මල්ටිවිටමින් එකක් නම් ?

මේකත් දිගටම බාවිතා කරගෙන යන්න පුලුවන් මොකද කිව්වොත් විටමින් සහ ඛනිජ ලවන සිරුරට අත්‍යවශ්‍යයි ඒක නිසා බාවිතා කලා කියල ගැටලුවක් වෙන්නෙ නැහැ

ඔයා ගත්තෙ එනර්ජි සප්ලිමන්ට් එකක් නම් ?

මෙන්න පුතේ මෙතන්දි නම් මේක වහල තියල තියන්න වෙනව ඔයා ගෙදර්වත් පොඩි වර්කවුට් එකක් කරන්නෙ නැති නම් මොකද නිකන් නාස්ති කරන්න ඔනෙ නැහැ සෙල්ලම් කරන්නෙ නැත්නම් මෙතන්දි හුගක් අය බය වෙනව මේක ගල් උනොත් විසි කරන්න වෙනව කියල
නැහැ එහෙම ගල් වෙච්ච ඒව කොහොමද බාවිතා කරන්නෙ කියල අපි කියල දෙන්නම් අමතක නොකර පේජ් එකට ලයික් එකක් දාල තියාගන්න

ඔයා ගත්තෙ ෆැට් බර්නර් එකක් නම් ?

ඔයා බර වැඩි කෙනෙක් නම් කෑම පාලනය කරන ගමන් ගෙදර ෆැට් බර්නින් වර්කවුට් කරන්න පුලුවන් නැහ් බැහ් ගාන්න එපා පුලුවන් ඒක නිසා එහෙම වර්කවුට් එකක් කරන ගමන් බාවිතා කලාට කිසි අවුලක් නැහැ.

දැනට මට ඔලුවට එන්නෙ ඔය සප්ලිමන්ට් ටික විතරයි ඔයා ගත්තෙ මෙතනින් වෙනස් එකක් ද ? කමෙන්ට් කරන්න ප්‍රශ්නයක් නම් නැත්නම් මැසේජ් එකක් දාන්න එහෙනම් අපි ගියා

ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල
දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක

1 thought on “ජිම් යන්න විදියක් නෑ ගත්ත සප්ලිමන්ට් එකට මොකද කරන්නෙ ?”

  1. Vihanga Yahampath

    Dear,mama aran thiyenne carniva mass akak.supliment aka hariyata use karannama beri una Corona prshne nisa.mage body aka godak slim nehe.but target aka thawa tikak gain wenna.me post ake thiyena විදියට suppliment aka continue karata prshnayak nedda?

Leave a Comment

Your email address will not be published.

Shopping Cart